ට්රැක්ටර් 40ක් බඩ උඩින් යැවීමට සැලැස්වූ තරුණයා
පොළොන්නරුව – ශාන්තිපුර පදිංචි කරාටේ ක්රිඩකයෙකු වන 26 හැවිරිදි පියුම් ලක්මාල් තම සිරුර මතින් ට්රැක්ටර් රථ 40 ක් ධාවනය කිරීමට ඉඩ සලස්වා වාර්තාවක් තබා තිබේ.
ඔහු මෙම ක්රියාව සිදුකර ඇත්තේ අක්මා රෝගයක් හේතුවෙන් මියගිය තම ගුරුවරයාට උපහාර පිණිස යි.
සීසෑම් කටයුතුවලට යොදා ගන්නා ට්රැක්ටර් රථ 40ක් ඔහුගේ උදරය උඩින් විනාඩි 45ක් වැනි කාලයක් තුළ ගමන් කරවා ලෝක වාර්තාවක් තැබීම සඳහා ඊයේ ඔහු පෙරහුරුවක නිරත විය.
ඔහුට මේ සඳහා ගත වුයේ විනාඩි 19:59ක් පමණි. මෙම තරුණයා සිදු කළ මෙම ක්රියාව පටිගත කර ලෝක ගිනස් කමිටුව වෙත ඉදිරිපත් කිරීමටද පියවර ගෙන තිබුණි.
ඔහුගේ අනාගත බලාපොරොත්තුව ඉදිරියේදී ලාබාලතම ශක්තිවන්තයන් 10 දෙනා අතරට සිය නමද එක් කර ගැනීමට කටයුතු කිරීම බව සඳහන් කර ඇති අතර ඔහුගේ ශක්තියේ රහස කුමක්දැයි ඇසූ විට ලක්මාල් පවසා ඇත්තේ ‘අමුතු කෑමක් කන්නේ නෑ. අම්මා හදාදෙන පොල් සම්බෝලයි බතුයි කනවා.‘ යනුවෙනි.
pics – ලංකාදීප