23 Jan 2015
ටෙලිකොම් මුල් පුටුව ජනපතිගේ සහෝදරයෙක්ට
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපතිවරයා ලෙස පී.ජී කුමාරසිංහ සිරිසේන මහතා පත්කර තිබේ. ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එක් කුස උපන් සහෝදරයෙක් බව දෙරණ නිව්ස් සඳහන් කරයි.
ඊයේ (22) උදෑසන පැවති චාම් උත්සවයකදී ඔහු සිය රාජකාරී කටයුතු ආරම්භ කළ අතර ඔහු මීට පෙර රාජ්‍ය දැව සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස සේවය කර ඇත.
නමුත් ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය අපේක්ෂකත්වය ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුව ඔහුට සිය තනතුරු අහිමි වී ඇති බවද සඳහන්ය.