ටෙලි නිළිය දූෂණය කළ චිත්‍රපට නිෂ්පාදක රිමාන්ඩ්

null

රංජන් රාමනායකගේ ප්‍රධාන රංගනයෙන් අධ්‍යක්ෂණය වුණු පාර්ලිමන්ට් ජෝක්ස් නමැති ප‍්‍රකට චිත‍්‍රපටයේ සම නිෂ්පාදක ලෙස කටයුතු කළ ලක් ෆිල්ම්ස් හිමිකරු ලාල් කළුආරච්චි නවක නිළියක දූෂණය කිරීමේ වරදකට ඊයේ දිනයේ බන්ධනාගාරගත කර තිබේ.

නෙත් නිව්ස් වාර්තා කරන පරිදි 2013 වසරේ දිනයක සිය කාර්යාලයට නවක නිළියකට සම්මුඛ පරීක්ෂණයක් සඳහා එන්නට යයි කියා ආරාධනා කර ඇය පැමිණි පසු කතාබහ අතර සිසිල්පැන් සංග‍්‍රහයක් සිදු කර ඇති බවත්, එම අවස්ථාවේදී සිසිල් පැන්වලට මත්පෙති මිශ‍්‍ර කොට ඇයව සිහි විකල් කිරීමෙන් පසුව කාර්යාලය තුළදී ඇයව දූෂණය කළ බවටත් චෝදනා එල්ල වී තිබේ.

එම අවස්ථාවේදී එම ක‍්‍රියාව වීඩියෝ ගත කරන්නටද සැකකරු ක‍්‍රියාකර ඇති බව චෝදනාවේ සඳහන් වේ.

තමාට සිහිය එන විට කාර්යාල කාමරයේ සිටින බව දුටු බවත් තම ඇඳුම් උනාදමා තමාට අතවර කර ඇති බවට සලකුණු හඳුනාගත් බවත් ඇය නාරාහේන්පිට පොලිසියට පැමිණිලිකොට ඇති අතර එම පැමිණිල්ලෙන් අනතුරුව නිෂ්පාදකවරයා විසින් ඇයට මරණ තර්ජන සිදු කර ඇත්තේ එය ඉල්ලා අස්කරගන්නා ලෙස බලකරමිනි.

කෙසේ වෙතත් නාරාහේන්පිට පොලිසිය මගින් සැකකාර චිත‍්‍රපට අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙන අතර වෛද්‍ය වාර්ථාවන්ට අනුව මත්වන යමි දෙයක් ඇයගේ පානය කල සිසිල් බිම වලට මිශ්‍ර කර දි ඇති බවත් ඇයට අතවරයක්ද සිදු කර ඇතැයි පොලීසිය විසින් අධිකරණයට වාර්තා කොට තිබේ.

මේ සම්බන්ධයෙන් මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන ලඝු නොවන සවිස්තරාත්මක නඩු විභාගයේදී චෝදනාව සම්බන්ධයෙන් කරුණු තහවුරුවීම නිසා සැකකරුට එරෙහිව අධිචෝදනා ගොනු කිරීම සඳහා කටයුතු සිදුකෙරෙන බවත් සඳහන් වන අතර ටෙලි නාට්‍ය නිළියට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවී ඇති නිසා චිත‍්‍රපට නිෂ්පාදකවරයාව මාර්තු මස 9 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (26) දින නියෝග කොට තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>