ටෙස්ට් තරඟාවලියේ ජය ඉන්දියාවට

null

ශ්‍රී ලංකාව පරදා තුන්වන තරඟය ලකුණු 117කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ අනුව තරඟාවලියේ ජය ඉන්දියාවට හිමි විය.

ඉන්දියාව පළමු ඉනිමට ලකුණු 312 ක් හා දෙවන ඉනිමට ලකුණු 274 ක් රැස්කළා. ශ‍්‍රී ලංකාව පළමු ඉනිමේදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 201ක්. ලකුණු 386 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායමට දෙවන ඉනිමේදී ලබාගත හැකි වූයේ ලකුණු 268 ක් පමණයි.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 110 ක් සහ කුසල් ජනිත් පෙරේරා ලකුණු 70 ක් ලබාගත්හා.

පළමු ඉනිමේදී ලකුණු 145 ක් රැස්කළ ඉන්දීය ක‍්‍රීඩක චෙටේස්වර් පුජාරා තරගයේ වීරයා ලෙස නම් කෙරුණා. ටෙස්ට් තරග තුනේදී කඩුලු 21 ක් බිඳහෙලු රවිචන්ද්‍රන් අෂ්වින් තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත්තා.

ඉන්දීය කණ්ඩායම විදෙස් රටක් තුළදී ටෙස්ට් තරගාවලියක් ජයග‍්‍රහණය කළේ වසර 23 කට පසුව වීමද විශේෂත්වයක්.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>