09 Mar 2015
ටෙස්ට් පිටියෙනුත් සමුගන්නවා – සංගා
ලෝක කුසලාන තරගාවලියේ පසුව එක්දින පිටියට සමුදීමට සූදානම්න් සිටින ශ්‍රි ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර අගෝස්තු මස අවසානයේදී ටෙස්ට් ක්‍රිකට් පිටියටත් සමුදීමට තීරණය කර තිබේ.
ඕස්ටේ්රලියාව සමග සිඞ්නි නුවර ඊයේ පැවති තරඟයෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.
ලබන ජූනි මාසයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලියක් පැවැත්වීමට නියමිත අතර කුමාර් සංගක්කාර පවසන්නේ මෙය තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ අවසන් තරඟාවලිය බවයි.
ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් සංගා පවසන්නේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව අවම ආරම්භයක් ලබාගත්තත් කණ්ඩායම මේ වන විට හොඳින් තරග කරමින් සිටින බවයි.