ටෙළි නිළිය පෙම්වතා එක්ක ගත් අසභ්‍ය ඡායාරූප අන්තර්ජාලයට දාලා

null

ටෙලි නාට්‍ය නිළියක තම පෙම්වතා සමග සිටි අතීශය පුද්ගලික ඡායාරූප පෙළක් අන්තර්ජාලයට මුදාහැර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් නිට්ටඹුව ප්‍රදේශයේ පරිගණක කාර්මික ශිල්පියකු පොලිස් ළමා හා කාන්තා කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුව අත්තනගල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු ඇප මත මුදා හැර තිබේ.

නෙත් නිව්ස් වාර්තා කරන පරිදි මෙම පරිගණක කාර්මික ශිල්පියා නිළියගේ පෙම්වතාගේ මිතුරකු බව අධිකරණයේ දී සඳහන් වී තිබේ. ඒ අනුව පෙම්වතා ද අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පැවැත්වීමට වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා සඳහන් කර ඇත්තේ තම සේවාදායකයා මෙම අසභ්‍ය ඡායාරූප වෙබ් අඩවිවලට මුදා හැරීමක් නොකළ අතර නිළියගේ පෙම්වතා මෙයට වගකිවයුතු බව පරීක්ෂණ පැවැත්වුවහොත් හෙළිවනු ඇති බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>