ඩයගම වතු නිවාස පෙළක ගින්නක්

null

ඩයගම – දෙවන කොටස – බටහිර වත්ත ප‍්‍රදේශයෙහි වතු නිවාස පේළියක ඊයේ (10) පස්වරුවේ ගින්නක් හට ගෙන තිබේ. ඇතිවූ ගින්න හේතුවෙන් නිවාස 22 ක් සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇති බව වාර්තා වේ.

ගිනි නීවීමට රථයක් නොමැති තැන ප්‍රදේශවාසීන් ඩයගම පොලිස් නිලධාරීන් හා එක්ව ගින්න මැඩපවත්වා තිබේ.

ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදු වී නොමැති අතර, එම වතු නිවාසවල පදිංචි වතු කම්කරුවන්ගේ පෞද්ගලික බඩු බාහිරාදිය සියල්ලම සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. ගින්නෙන් අවතැන් වූ පවුල්වලට අයත් 85 දෙනෙකු තාවකාලිකව එම වතුයායේ කෝවිලේ රඳවා තිබේ.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>