23 Jun 2015
ඩයස්පෝරා සැණකෙළිය ගැන මංගල කියයි
මෙම වසර අවසානයේ දී ඩයස්පෝරාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සුදානම් වන සැණකෙළියක් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව එල්ල කරන චෝදනාවලට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පිළිතුරු ලබාදී තිබේ.
ඩයස්පෝරා උළෙල සම්බන්ධයෙන් විකෘති වූ අදහස් ප්‍රකාශ කර තිබෙන බවත්, ඒ සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 3 ½ක් ලැබෙන බවට වාර්තා වන තොරතුරුත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ඔහු එහිදී සඳහන් කර තිබේ.
විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් රටේ සංවර්ධනයට දායකත්වය ලබා ගැනීම වරදක් දැයි ප්‍රශ්න කරන අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ අන්තවාදීන්ට නැවතවරක් හිස එසවීමට ඉඩ නොතැබිය යුතු බවත්, දෙමළ අන්තවාදයත් සිංහල අන්තවාදයත් එකම කාසියක දෙපැත්ත බවත් ය.
එමෙන්ම ඩයස්පෝරා උළෙල කාගෙවත් අදහසක් නොවන බවත් එය තමාගේ අදහසක් බවත් අමාත්‍යවරයා පවසයි.