ඩයස්පෝරා තහනම ඉවත් කිරීමට රජය සැරසේ

null

ඉකුත් රජය විසින් ද්‍රවිඩ ඩයස්පෝරා කණ්ඩායමට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කිරීමට නව රජය පියවර ගෙන තිබෙන බව දෙරණ නිව්ස් වාර්තා කරයි.

එල්.ටී.ටී.ඊය සමග සබඳතා පවත්නා බවට ද්‍රවිඩ ඩයස්පෝරා කණ්ඩායම් 16ට හා පුද්ගලයින් සිය ගණනකට එරෙහිව පසුගිය රජය විසින් තහනමක් පනවා තිබුණි. අදාළ ඩයස්පෝරා කණ්ඩායම් හා පුද්ගලයින්ට එරෙහිව එකී තහනම පනවා තිබුණේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා යළි හිස එසවීමට ඉඩ නොතැබීම සඳහා යි.

කෙසේ වෙතත් ඉකුත් රජය සමයේදී එසේ තහනමට ලක්කර තිබූ සංවිධාන හා පුද්ගලයින් ගණනාවකට එම තහනම ඉවත් කිරීමට නව රජය තීරණය කර ඇත.

ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය යටතේ මෙය සිදුවන බව විදේශ ඇමති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇතැයි සඳහන්ය. ඒ අනූව එල්.ටී.ටී.ඊය සමග සබඳතා පවත්වන බවට සැක කෙරුණු පුද්ගලයින් 424 දෙනෙකුට එරෙහිව ඉකුත් රජය සමයේදී පනවා ඇති තහනම ලිහිල් වනු ඇත.

මේ අතර එළඹෙන ජූනී මාසයේදී එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිඩ් රාද් අල්හුසේයින් මහතා මෙරට සංචාරයක නිරත වනු ඇති බව ද විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර මහතා සඳහන් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>