28 Jun 2015
ඩිල්ෂාන්ට මැහුම් 7ක් දාන්න වෙලා
කැරිබියන් ප්රීමියර් ලීග් තරඟාවලියේ ඇමේසන් වොරියර්ස් කණ්ඩායම සහ ශාන්ත ලූසියා කණ්ඩායම අතර පැවති තරඟයකදී තිලකරත්න ඩිල්ෂාන් තුවාල ලබා තිබේ.
ඇමේසන් කණ්ඩායම නියෝජනය කරන ඩිල්ෂාන් ලූසියා කණ්ඩායමේ කිමා රෝච් එවූ පන්දුවක් දකුණු ඇසට ඉහළින් වැදීම හේතුවෙන් මෙලෙස තුවාල ලබා ඇති අතර, තරගයෙන් අනතුරුව ඔහුට මැහුම් 07 ක් යොදන්නට සිදුවී ඇත.
තුවාල ලබන විට ලකුණු 19 ක් ලබා සිටි ඩිල්ෂාන් දැවී යන විට ලකුණු 29 ක් ලබා සිටියා.