ඩිල්ෂාන්ට වරෙන්තු නිකුත් කරයි
හිටපු ක්‍රිකට් නායක හා සුපිරි පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්ට කොළඹ අංක 09 මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ.
ඒ ඩිල්ෂාන්ගේ පෙර විවාහයේ දරුවා වෙනුවෙන් වසර තුනක කාලයක් ජීවිත රක්ෂණ වාරික නොගෙවීම හා මාසිකව ගෙවන රුපියල් විසිදහසක නඩත්තු නොගෙවීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව අද (10) වැඩ බලන විනිසුරුවරයා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ඔහු පෙනී නොසිටීම නිසාය.
සිය සේවාදායකයා තරගාවලියකට සම්බන්ධවීමට රටින් බැහැරව ගොස් ඇති බව ඩිල්ෂාන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා අධිකරණයට දැන්වුවද, ඔහු ලංකාවේ සිටින බවට පැමිණිල්ලේ නීතීඥයන් විසින් සනාථ කිරීමෙන් පසුව විනිසුරුවරයා ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමට නියෝග කළේය.
එහිදී ඩිල්ෂාන්ගේ නීතීඥයා ඩිල්ෂාන් වෙනුවෙන් පෙනී සිටීමට ඔහුගේ නියෝජිතයකු අධිකරණයේ සිටින බවද අධිකරණයට දන්වා සිටියද, තරා තිරම කුමක්වුවද අධිකරණයේ පෙනී සිටීම අනිවාර්ය බව දන්වමින් විනිසුරුවරයා අදාළ නියෝගය කළේය.
ඩිල්ෂාන්ගේ දරුවා වෙනුවෙන් ඩිල්ෂාන් පළමු විවාහයේ බිරිය වන නිලංකා විතානගේ මේ නඩුව පවරා තිබේ.