ඩිෆෙන්ඩර් අනතුරින් මියගිය 21 හැවිරිදි ඉසුරිගේ කතාව

null

අම්මේ මම මුණ බලාගෙන කතා කරන්න පුළුවන් ෆෝන් එකක් ගත්තා. අම්මාත් ඒවගේ් එකක් ගන්න එතකොට මට පුළුවන් අම්මගේ මුණ බලාගෙන කතාකරන්න. මම මළගෙදරක යන්න යනවා ඇවිත් කතාකරන්නම්. යැයි ඉසුරි ආදර වදන් පැවසුවේ ඇයගේ ගේ 21 වැනි උපන් දිනය යෙදී තිබුණේ ඊයේ දිනයේදීයි.

ඒත් තමන්ගේ ආදරණිය දියණිය මේ තමන් හා කතාකරන්නේ අවසන් වදන් කිහිපය යැයි ඇයගේ මව මොහොතකටවත් හිතුවේ නැත.

උදෑසන හතට අවසන් වරට කතා කර ඉසුරි තවත් හෝරා කිහිපයක් ගතවන්නටත් මත්තෙන් කිසිවකුත් නොසිතූ ලෙස මිනුවන්ගොඩ යාගොඩමුල්ල ප්‍රදේශයේ් සිදු වූ රිය අනතුරකින් දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන සිටි ඉසුරි ඇතුළු පස්දෙනෙක් අවසන් ගමන් ගියහ. ඒ ඔවුන් ගමන් ගත් ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප්රථය බස්රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පසුවය.

අප ඊයේ සවස හයට පමණ ඉසුරි පදිංචි වී සිටි වැල්ලවාය, හදපානාගල පුබුදුවැව ගමේ ඇයගේ නිවසට යන විටත් සියගණනක් වූ යහළු හිතමිතුරන්, නෑදෑහිතවතුන් නිවසට එක්රොක්වී සිටියේ සිදුවූයේ කුමක්දැයි සිතා ගැනීමටවත් නොහැකිවය.

එකම නැගණිය හා අක්කා තම පණ හා සමාන සොයුරියට සිදුවූ දෙය ගැන හඩන්නට කඳුළු නැතිව සිහිසුන්ව සිටිනු දක්නට ලැබුණු අතර මවගේ දුක් අඳෝනා මැද හැමෝගේම දෑස් කඳුළුවලින් පිරි ගොසිනි.

මගේ රත්තරනේ ඔයාට හැමදාම හවස එකට කතාකරනවා. අදත් කතාකරනකොට දුවගේ ෆෝන් එක ගත්තේ වෙනකෙනෙක් මම. ආයෙත් ගත්තා එතකොට ඒ ළමයා කිව්වා අම්මේ ඔයාට කියන්න බෑ. වෙන කෙනකුට ෆෝන් එක දෙන්න කියලා. අනේ මම කොහොමද ඒක අහන්නේ මගේ රත්තරං පුතා නැතිවෙලා. මම කොහොමද ඒක විශ්වාස කරන්නේ. තාත්තා අහනකොට මං මොනවද කියන්නේ අනේ මගේ දෙයියෝ මට මගේ එකම පුතා නැතිවුණා ඉසුරිගේ මව විලාප තබමින් කීවාය.

ඩී. එම්. ඉසුරි ඉඳුනිල් දිසානායක මූලික අධ්‍යපනය හදාරා තිබුණේ හඳපානාගල විද්‍යාලයෙනි. ඇයගේ අක්කා බාහිර උපාධිය සඳහා සුදානමින් සිටින අතර බාල නැගණිය තවමත් එම විද්‍යලයේ 11 වසරේ ඉගෙනුම ලබන්නීය. පියා පැල්වත්ත සීනි සමාගමේ රැකියාවක නිරත වූ අතර සහෝදරියන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව සොයා බැලූවේ ඉසුරිය.

නංගි උඹ ඉගෙන ගත්තේ නැත්තං පොලිසියට නොවෙයි, එළිමහන් සිර කඳවුරකටවත් යන්න බෑ. ඒක නිසා හොඳට ඉගෙන ගන්න.ඒ ඇය පසුගිය දා පැවති මහා මැතිවරණ දිනයට පසුදා එනම් 18 දා ගෙදරවිත් පොඩි නංගිට පැවසූ අවසන් ඔවදන විය.

මිට වසරකට පෙර පොලිස් සේවයට බැඳුණු ඇය අවසන් ගමන් යන මොහොත දක්වා සේවය කළේ ජනාධිපති ආරක්ෂක අංශයේ කාන්තා පොලිස් කොස්තාපල්වරියක් ලෙසිනි. අක්කාට රස්සාවක් අරන් දෙන්නටත් නංගිට හොඳින් උගන්වා පොලිස් සේවයට සම්බන්ධ කිරීම ඇයට තිබුණු ලොකුම බලාපොරොත්තුව විය.

සියලූ දෙනාගේම බලාපොරොත්තු සිහින බොඳ කරමින් අම්මාගේ එකම පුතා ඉසුරි කවුරුත් නොසිතු නොපැතූ මොහොතක අවසන් ගමන් ගියාය. ඒ ඇය හා මිතුරන් ගිය අවමංගල ගමන අවසානයේ ඔවුන්ගේම අවමංගල ගමනක් වූයේ දෛවෝපගත සිදුවීමක් ලෙසිනි.

ජී. ඉන්දික – වැල්ලවාය
රිවිර පුවත්පත ඈසුරිනි

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>