ඩුප්ලිකේට් බන්දු අත්අඩංගුවට

null

ජනප්‍රිය විකට නළුවකු වන බන්දු සමරසිංහ මහතාගේ නමට හා රුවට බෙහෙවින් සමාන පුද්ගලයෙකු කොළඹ පිහිටි අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන පසුව ඇප මත නිදහස් කර ඇතැයි වාර්තා වේ.

බන්දු සමරසිංහ මහතා පැමිණිලි කර ඇත්තේ ඔහුගේ විකට චරිත රගපා ඒවා සීඩී ගත කර විකිණීම සම්බන්ධයෙන් සහ මේ නිසා තම කීර්ති නාමයට හානියක් සිදුවී ඇති බවත් පවසමින් ය.

බන්දු සමරසිංහ මහතා විසින් කර තිබූ පැමිණිල්ලට අනුව කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශය පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව සැකකරු මෙලෙස අත්අඩංගුවට පත්වී තිබෙන අතර පසුව ඔහු උසාවියට ඉදිරිපත්කොට ඇප මත නිදහස් කොට තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>