තජුඩීන් ඝාතනයේ සැකකරු යෝෂිත සමග

null

රග්බි කී‍්‍රඩක වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු ඝාතන 10 කට අධික ප්‍රමාණයකට ද, විනිසුරු මංජුල තිලකරත්නට පහර දීම, මර්වින් සිල්වාගේ පුතාට පහර දී පැහැරගෙන යෑම ආදී අපරාධ රැසකට වග කිව යුතු සැකකරුවකු ලෙස හඳුනා ගෙන ඇති තිස්ස හෙවත් කැප්ටන් තිස්ස, මේජර් තිස්ස, පොඩි තිස්ස ආදී නම් වලින් හඳුන්වන පුද්ගලයා, යෝෂිත රාජපක්ෂ සමග සිටින සේයාරුවක් ‘ලංකා ඊ නිව්ස්’ වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත්කර ඇත.

තජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් මොහු අත් අඩංගුවට ගැනීමට නියමිත අතර, මෙරටින් පිට වීම තහනම් කෙරෙන අධිකරණ නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය බ‍්‍රහස්පතින්දා ලබා ගෙන ඇත.

මේ අතර මේ වන විට තාජුඩීන්ගේ ඝාතනයට සම්බන්ධ බව කියන පුද්ගලයන් සිව් දෙනෙකු ආරක්‍ෂක අංශ විසින් හදුනාගෙන ඇතැයි වාර්තාවේ.

ඒ අදාළ ඝාතනය සම්බන්ධයෙන් සොයා ගැනුණු සී.සී.ටී.වී කැමරා දර්ශන දීර්ඝ ලෙස අධ්‍යයනය කිරීමෙන් අනතුරුවය. එම සී.සී.ටී.වී කැමරා දර්ශන වැඩිදුර විමර්ශන සඳහා මේ වනවිට කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක ඒකකය වෙත යොමු කර ඇත.

හදුනා ගැනුණු පුද්ගලයන් සිව් දෙනාගෙන් තිදෙනෙකු නාවික හමුදා සාමාජිකයින් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>