තමා දුටු සරලම රාජ්‍ය නායකයා මෛත්‍රී බව පාප්තුමා කියයි
මෙතරම් නිහතමානී චාම් ගතිගුණ ඇති සරල ජීවිතයක් ගත කරන ජනාධිපතිවරයකු තමන්ට ඉතිහාසයේ හමු නොවූ බව ශුද්ධෝත්තම පළමුවැනි ප්‍රැන්සිස් පාප් වහන්සේ තමන් සමඟ පැවසූ බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ පවසා තිබේ.
කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ ඒ බව ප්‍රකාශ කලේ පාප් වහන්සේ පිළිගැනීම සඳහා පැවැති උත්සව කටයුතුවලට වෙහෙස මහන්සි වී රාජකාරි කළ නිලධාරීන්ට ස්තුති කිරීම සඳහා පසුගියදා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවති විශේෂ රැස්වීමකට සහභාගී වෙමිනි.
විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර, මුදල් ඇමැති රවි කරුණානායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැල්කම් රංජිත් කාදිනල්තුමා පැවසුවේ ෆ්‍රන්සිස් පාප්වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් බෙහෙවින් සතුටු වූ බව ද තමන් සමඟ පැවසූ බවයි.
එමෙන්ම තමන් ලෝකයේ රටවල් රාශියක සංචාරය කළ බවත්, රාජ්‍ය නායකයන් ඇතුළු ප්‍රභූන් විශාල පිරිසක් හමු වූ බවත්, මෙවැනි නිහතමානී චාම් ගතිගුණ ඇති සරල ජීවිතයක් ගත කරන රාජ්‍ය නායකයකු තමන්ට ඉතිහාසයේ කිසි දිනක හමු නොවූ බවත් පාප් වහන්සේ ප්‍රකාශ කළ බව ද කාදිනල්තුමා වැඩිදුරටත් සඳහන් කර ඇත.