28 Sep 2014
තම මාමණ්ඩිය ඝාතනය කල බෑණා
ගිනිගත්හේන, කොළනිය ප්රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පහර දීමෙන් බරපතළ තුවාල ලැබු පුද්ගලයා ගිනිගත්හේන රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදි ඔහු මියගොස් ඇති බව සඳහන් වෙයි.
මෙලෙස මියගොස් ඇත්තේ ලොකුහෙවගේ කුලදාස නම් 57 හැවිරිදි සිව් දරු පියෙකි.
පවුල් ආරවුලක් දුරදිගයාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ.
ඝාතනය සිදුකල පුද්ගලයා මිය ගිය අයගේ බාල දියණිය විවාහ කරගෙන සිටින අතර ඔහු යුධ හමුදාවෙන් පලා ආ සෙබලෙකු බව පොලිසිය පවසයි.
ඔහු මෙම පුද්ගලයා ඝාතනය කිරීමෙන් පසු පලාගොස් ඇති අතර ඊයේ රාත්රියේම ක්රියාත්මක වූ පොලිසිය විශේෂ මෙහෙයුමකින් පසු ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු අද හැටන් මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.