තර්ස්ටන් විදුහලේ පිහිණුම් තටාකයේ මළසිරුර ගැන තොරතුරු හෙළිවේ

null

කොළඹ තර්ස්‌ටන් විද්‍යාලයීය පිහිනුම් තටාකයේ තිබී අබිරහස්‌ අන්දමින් මියගිය එම විද්‍යාලයේම ආදි ශිෂ්‍යයකුගේ මළ සිරුරක්‌ කුරුඳුවත්ත පොලිසිය මගින් ඊයේ (3 දා) අලුයම සොයාගන්නා ලදී.

මෙසේ මරුමුවට පත්ව ඇත්තේ මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ පනස්‌තුන් හැවිරිදි ඒ. ප්‍රසාද් යන අය බවට හඳුනාගෙන තිබේ.

ප්‍රසාද් මහතා පෙරේදා (2 දා) පෙරවරු 11.30 ට පමණ මහරගම නිවසින් පිටවී ඇති අතර පසුව ඔහු කොළඹ තර්ස්‌ටන් විද්‍යාලය වෙත පැමිණ ඇති බව පරීක්‍ෂණවලින් හෙළිවී ඇත. ඔහුගේ ජංගම දුරකථනයද පිහිනුම් තටාකය අසල වැටී තිබී පොලිසිය මගින් සොයාගෙන තිබේ.ප්‍රසාද් මහතාගේ නාසයෙන් රුධිරය පිටවී ඇති බවට සලකුණු ඇතැයි පොලිසිය පැවැසීය.

පෞද්ගලික ගුවන් සමාගමක සේවය කර ඇති ප්‍රසාද් මහතා කලක්‌ ඇමරිකාවේ පදිංචිව සිටි බව පරීක්‍ෂණවලින් හෙළිවී ඇත. විවාහයෙන් වෙන්වී සිටින ප්‍රසාද් මහතා එක්‌දරු පියෙකි. ඔහුගේ පුත්‍රයා සහ බිරිඳ මහනුවර පදිංචිව සිටිති.

පසුගිය අවුරුදු සමයේ ප්‍රසාද් මහතා තම පුත්‍රයා මහරගම නිවසට කැඳවාගෙන පැමිණ ඇත. එහෙත් ඔහුගේ බිරිඳ දින කීපයකට පසු දරුවා නැවත මහනුවර නිවසට රැගෙන ගොස්‌ තිබිණි.

මෙම පවුල් ආරවුල් නිසා ප්‍රසාද් මහතා සිත් තැවුලකින් සිට ඇති බවද අනාවරණය වී ඇත. මරණයට හේතුව ඊයේ සවස්‌වන තුරුත් අනාවරණය වී නොතිබිණි.

කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>