18 Jun 2015
තරුණයන් 4 දෙනෙක් තවත් තරුණයෙක්ට අතවර කරලා
පැපිලියාන ප්‍රදේශයේ අවන්හල් සේවකයකුට අස්වාභාවික ලිංගික අතවරයක් සිදුකළ බව කියන එම අවන්හලේම සේවකයන් සිවුදෙනකු කොහුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අතවරයට ලක්වූ තරුණයා මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි. ඔහු මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට පත් සැකකරුවන් අවුරුදු 25 ත් 30 ත් අතර වයසේ පසුවන මාලිගාවත්ත, කුරුණෑගල, හෝමාගම යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
අතවරයට ලක්වූ තරුණයා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීන් වෙත යොමු කර ඇත.