තරුණයෙක් පැහැරගෙන කප්පම් ගැනීමට තැත්කළ අයෙක් කොටු

null

අක්මීමන හීරළුගොඩ ප‍්‍රදේශයේදී වයස අවුරුදු 17ක තරුණයෙකු පැහැරගෙන ගොස් කප්පම් මුදල් ලබාගැනීමට තැත් කළ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, අක්මීමන සුනාමි ගම්මානය, හීරළුගොඩ ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරණයෙකු ඊයේ රාත්‍රීයේ එලෙස පැහැරගෙන ඇති බව ය.

ගාල්ල වරාය පොලිසියට ලද තොරතුරක් මත අදාළ සැකකරු මෙන්ම පැහැර ගැනීම සඳහා භාවිත කළ ත‍්‍රීරෝද රථය ද අත්අඩංගුවට ගෙන ඇත. එම අවස්ථාවේදීම 17 හැවිරිදි තරුණයා ද පොලිසිය භාරයට ගෙන තිබේ.

මෙම පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලීසිය හා අක්මීමණ පොලීසිය පරීක්ෂණ අරම්භ කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>