තරුණයෙක් සාරියකින් ගෙල වැළලාගනී
හොරතපොළ ප්රදේශයේ තරුණයෙකු සාරියකින් ගෙල වැළලාගෙන මියගොස් තිබෙන බව වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ දළුපතතව වත්තේ පදිංචිව සිටි 21 හැවිරිදි ධනුෂ්ක රොෂාන් නමැති තරුණයෙකි.
මෙම තරුණයාගේ දෙමව්පියන් විදේශ ගතව සිටින අතර මොහු හැදී වැඩි ඇත්තේ මිත්තණිය සමග සිය නිවසේය. අද දින මොහු වත්ත පහල පොල් කැඩීමට වෙනත් අයෙකු සමග පැමිණ ඇති අතර මිත්තණියට පවසා ඇත්තේ තමන් නිවසේ සිට වලන් සොදන්නම්, අත්තම්මා පොල් කඩන්න යන්න යනුවෙනි.
ඒ අනුව මිත්තණිය පොල් කැඩීම සඳහා පැමිණි පුද්ගලයා සමග එම කාර්යයට ගොස් තිබේ. පසුව නිවසේ තනිවූ මෙම තරුණයා සිය කාමරයේ සාරියක ආධාරයෙන් ගෙල වැළලාගෙන මියගොස් තිබේ.
යාබද නිවසක සිටි අයෙක් අවශ්යතාවයකට පැමිණි මොහොතේ මොහු ගෙල වැළලාගෙන සිටුනු දැක ඇති අතර පසුව පොලීසිය දැනුවත් කර ඇත.
පොලිසිය පැමිණ පරක්ෂ කිරීමේදී මියගිය තරුණයාගේ ජංගම දුරකථනය දිගින් දිගටම නදවෙනු නිරීක්ෂණයට ලක්ව එය පරික්ෂා කිරීමේදී ඊයේ (21) අළුයම “සුභ උදෑසනක්” කෙටි පණිවිඩයෙන් පසු නැවත කෙටි පණිවිඩ යවා නොතිබුනත් පෙම්වතිය යයි සිතිය හැකි අයෙක් මෙලෙස දිගින් දිගටම කෙටි පණිවිඩ සහ මග හැරුණු ඇමතුම් ලබාදී ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත් මොහු සියදිවි හානි කරගැනීමට හේතුව මෙතෙක් නිශ්චිතවම අනාවරණය වී නොමැති අතර කුලියාපිටිය පොලිසිය වැඩි දුර විමර්ශන සිදු කරයි.