18 Jun 2015
තරුණයෙක් ATM යන්ත්‍රයක් කඩා සල්ලි ගන්න හැදු හැටි
මාලඹේ ප්‍රදේශයේදී තරුණයෙකු ඊයේ (17) බැංකුවක ඒ.ටී.එම්.යන්ත්‍රයක් කඩා මුදල් ලබා ගැනීමට උත්සහ කර තිබෙන අයුරු cctv කැමරා වල සටහන් වී තිබේ.
යන්ත්‍රය ගලවා ගෙන යාමට නොහැකිවූ අවස්ථාවේ අදාල තරුණයා එය දමා පළා යන ආකාරයද එහි සටහන්.
පොලිස් මුලස්ථානය මෙම පුද්ගලයා කවුද යන්න මේ වන විටත් සොයන අතර සැකකරු හඳුනා ගැනීමට මහජන සහාය ද අපේක්ෂා කරයි.