තරුණයෙකු කපා කොටා ඝාතනය කරලා

null

මාදම්පේ – වීරකොඩියාන ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාදම්පේ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඝාතනයට ලක්වී ඇත්තේ මාදම්පේ – රත්නගිරිය වත්ත,වීරකොඩියාන පදිංචිව සිටි මඩපාතගේ දොන් ඉන්දික නුවන් සංජීව (අවු:32) නම් අයෙකි.

ඊයේ (21) රාත්‍රී 10.00 ට පමණ මෙම ඝාතනය සිදුවී ඇති අතර ඝාතනය එකම පවුලේ පියෙකු සහ පුතෙකු විසින් සිදු කර ඇති බවට පොලීසිය විසින් තොරතුරු අනාවරණය කරගෙන ඇත.

අදාල සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

මළ සිරුර ගල්මුරුව ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>