තරුණියකට අමානුෂික ලෙස පහරදෙන මොවුන් පිරිමින්ද?

null

උඩුකය නිරුවත්ව සිටින තරුණයින් දෙන්නෙක් එක්වී කැලෑවක වැනි ස්ථානයකදී තරුණියකට අමානුෂික ලෙස පහරදෙන වීඩියෝවක් මේවන විට සමාජජාල වෙබ් අඩවි වල වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබේ.

මෙම වීඩියෝවේ දෙපාර්ශවය අතර ඇතිවන කතාබහෙන් තේරුම්ගත හැක්කේ ඔවුන් යම් ප්‍රේම සම්බන්ධයක් නිසාවෙන් මෙම ආරවුල ඇති කරගෙන ඇති බවයි.

මෙම පහරදීම සිදුවන ප්‍රදේශය‍ක් ගැන සඳහනක් නැතත් වීඩියෝව බැලූ බැල්මට පෙනෙන්නට තියෙන්නේ මෙම තරුණයින් දෙදෙනාගේ ක්‍රියාව ඉතාම පහත් බවයි.
සිද්ධිය වන අවස්ථාවේ එම ස්ථානයේ තවත් තරුණියක සිටින බවක්ද දක්නට ඇති අතර ඇය දැන් ඇති ඇති කියුවත් කිසිත් නොඅසන මෙම තරුණයින් දෙන්නා ඉතාම අමානුෂික ලෙස අර තරුණියට පහරදෙන අතර අවසානයේ ඇය බිම වැටෙන අයුරුද දක්නට ලැබේ.

මෙම ස්ථානයේ සිටින තවත් පුද්ගලයෙකු විසින්ම මෙම සිද්ධිය වීඩියෝ කර අන්තර්ජාලයට මුදාහැර ඇත්තේ වීර ක්‍රියාවක් සිදු කළ අයුරෙනි.

මේ කතාවේ අගක් මුලක් වීඩියෝව බැලීමෙන් හඳුනා ගැනීමට අපහසු නමුත් නිසි බලධාරීන්ගේ අවධානය මේ ගැන යොමුකරනු ඇතැයි අපේක්ෂාවෙන් මෙය අප විසින් පළ කරන්නෙමු.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>