තරුණියකට පහර දුන් සිදුවීමේ සත්‍ය හෙළිවෙයි

null

තරුණයන් දෙදෙනෙක් අමානුෂික ලෙස තරුණියකට පහරදෙන වීඩියෝවක් පිළිබඳව ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ කතාබහට ලක්වීමත් සමග මෙම වීඩියෝව පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කිරීමට පොලිසිය සූදානම් විය.

කෙසේ වෙතත් එම වීඩියෝවේ පහරකෑමට ලක්වන තරුණිය සහ ඇයට පහරදෙන තරුණයා ඇතුළු අනෙක් පුද්ගලයින් ඊයේ (02) රාත්‍රීයේ කටුනායක පොලිස් ස්ථානයට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධීකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.

හිරු නිව්ස් වාර්තා කරන පරිදි මෙම සිදුවීම 2014 වර්ෂයේ නොවැම්බර් මස 15වන දින පස්වරු 1ට පමණ කටුනායක මාදූව ප්‍රදේශයේ මාදූව ගග අසළ දී සිදුවූවක් බවයි එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් පොලීසියට පවසා ඇත. මෙම වීඩියෝවේ පහරකෑමට ලක්ව තැනැත්තිය ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි බවත්, ඇය කටුනායක ප්‍රදේශයේ ඇගළුම් කම්හලක සේවිකාවක් වශයෙන් සේවය කරනු ලබයි.

මෙම කාන්තාවට පහරදෙන තැනැත්තා අරණායක ප්‍රදේශයේ පදිංචිකරුවකු වෙන බවත් ඔහු ඇගේ පෙම්වතා ද වේ. ඔවුන් දෙදෙනා ඉදිරියේදී විවාහ ගිවිස ගැනීමට ද නියමිත බව ද ඇය විසින් පොලීසියට පවසා තිබේ.

කෙසේ වෙතත් මෙම වීඩියෝව අන්තර්ජාලයට මුදාහැරීම සිදුව තිබෙන්නේ අදාළ සිදුවීම වන දිනයේ එය ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කළ තරුණයා මෑත දිනයකදී එය අලුත්වැඩියා කිරීම සදහා එක්තරා වෙළෙද සැළකට ලබාදී තිබේ. එහි සේවය කළ පුද්ගලයෙකු විසින් මෙම වීඩියෝව ලබාගෙන සමාජ ජාල වෙබ්අඩිවි වල මුදාහරින්නට ඇති බවට පැමිණිලිකරුවන් විසින් පොලීසියට පවසා ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>