තරුණියක් බේරාගැනීමට ගොස් තරුණයන් 2ක් මරුට

null

මා ඔයේ දිය නාමින් සිටි තරුණියක් දියේ ගිලීමට යාමේදී ඇය බේරාගැනීමට ගිය තරුණයන් දෙදෙනෙකු ඊයේ (01) දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි.

මීරිගම – ලෝලූවාගොඩ ප‍්‍රදේශයෙන් අදාළ තරුණිය තම ඥාති සොහොයුරන් දෙදෙනෙකු සමග මා ඔයේ දිය නෑමට ගොස් තිබෙන අතර එහිදී තරුණිය දියේ ගිලී ගසාගෙන ගොස් තිබේ.

එම අවස්ථාවේදී ඇය බේරාගැනීම සඳහා ඥාති සොහොයුරන් දෙදෙනා උත්සහ කල අතරතුරදී මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කර තිබේ.

දියේ ගිලූණු තරුණයන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ සිරුරු සොයාගෙන ඇති අතර අතුරුදන්වූ අනෙක් තරුණයා සෙවීමේ කටයුතු සඳහා මෙහෙයුම් ක‍්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසයි.

කෙසේ වෙතත් දියේ ගිලි ගසාගෙන ගිය අදාළ තරුණිය ප‍්‍රදේශවාසීන් විසින් බේරාගෙන තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>