29 Apr 2015
තරුණියන් තිදෙනෙකු අතින් තරුණයෙක් සමූහ දුෂණයට ලක්වේ
තරුණියන් තිදෙනෙකු එකතු වී 31 හැවිරිදි තරුණයෙකු සමූහ දුෂණයට ලක් කර ඇති පුවතක් දකුණු අප්රිකාවෙන් වාර්තා වේ.
අදාල තරුණයා පොලිසියට පැමිණිලි කරමින් සඳහන් කර ඇත්තේ තමන් මාර්ගයේ සිටියදී වාහනයකින් පැමිණි කාන්තාවන් තිදෙනෙකු පාර පෙන්වීමට යැයි කියමින් එම වාහනයට නංවා ගත් බවත්, ගිනි අවියක් පෙන්වමින් තමන් බිය ගැන්වූ බවත් ය.
අනතුරුව නිවසකට ගෙනගොස් දොරගුළු ලා ඔවුන් විසින් තමන්ව සමූහ දූෂණයකට ලක් කළ බවත් ඔහු පොලීසියට පවසා ඇත.
අදාල තරුණියන් විසින් දින 3ක් රඳවාගෙන සිටි තරුණයා පසුව පාලමක් අසල දමාගොස් තිබේ. පසුව එම තරුණයා ඩිප්ස්ලූට් පොලීසියට ගොස් පැමිණිල්ල සිදුකර ඇත.