තරුණියන් රවටා නිරුවත් ඡායාරූප ගත් අයෙක් අත්අඩංගුවට

null

පාසල් ශිෂ්‍යාවන් සහ වෙනත් තරුණියන්ගේ නිරුවත් ඡායාරූප ලබාගෙන අන්තර්ජාලයට මුදා හැරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙම මස 20 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ.

මෙම සැකකරු අන්තර්ජාලය යොදා ගනිමින් ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ පාසල් සිසුවියන් සහ තරුණියන් ඇසුරු කිරීමෙන් පසු ඔවුන් රවටා නවාතැන් පොලවලට ගෙන ගොස් බිය වද්දා නිරුවත් ඡායාරූප ලබාගෙන ඒවා අන්තර්ජාලයට මුදාහැර ඇති බවට ඔහුට චෝදනා එල්ලවී ඇත.

කෙසේ වෙතත් සැකකරු ලග තිබී පොලිස් අත්අඩංගුවට පත්වූ පරිගණකයක් ඩී.වී.ඩී තැටි 08ක් සහ පෙන් ඩ‍්‍රයිව් දෙකක් මෙහිදී අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඒවා මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක විශේෂඥයින් ලවා පරික්‍ෂා කර වාර්තාවක් ලබාදෙන ලෙස පානදුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කර තිබේ.

සැකකරු වාද්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>