තරුණ පෙම් යුවළක් කාමරයකදී ගෙළ වැළලාගෙන

null

වයස අවුරුදු 18ක පිරිමි ළමයෙකු සහ 15 හැවිරිදි ගැහැණු ළමයෙකු රත්නපුර – කොළොන්න – මඩුවන්වෙල ප්‍රදේශයේ පාළු නිවසක කාමරයක් තුළ ගෙළ වැළලාගෙන මියගොස් තිබේ.

18 හැවිරිදි පිරිමි ළමයා පාසල් නොයන අතර, 15 හැවිරිදි දැරිය ප්‍රදේශයේ පාසලක සිසුවියක්.

තම ප්‍රේම සම්බන්ධතාවට දෙමාපිය විරෝධය එල්ල වීම හේතුවෙන් ඔවුන් මෙලෙස දිවි නසා ගෙන ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.

තරුණ පෙම් යුවල මීට පෙරද නිවසින් පලාගොස් ඇති අතර පොලිසිය මැදිහත්වීමෙන් නැවත ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙනවිත් තිබේ. ඉන් පසුව නැවතත් ඔවුන් ඊයේ රාත්‍රියේ නිවෙස්වලින් පලාගොස් මෙලෙස සියදිවි හානිකරගෙන ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>