තරුණ මව දරුවා සමග ළිඳට පැනලා

null

මිහින්තලය, දොරමඩලාව තුන පියවර ප්‍රදේශයේදී 22 හැවිරිදි මවක් අවුරුදු එකහමාරක් වයසැති සිය පුත්‍රයා සමඟ ළිඳකට පැන සියදිවි හානි කරගෙන තිබේ.

මෙම සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ මිහින්තලය දොරමඩලාව තුන්වන පියවරෙහි පදිංචිකරුවන් වන කෙලේෂිකා පවිත්‍රානි සහ ධනුක දෙනුවන් නමැති දරුවායි.

නෙත් නිව්ස් වාර්තා කරන පරිදි මරණයට පත්වූ කාන්තාවගේ සැමියා පොලීසියට පවසා ඇත්තේ තම මව හා බිරිඳ අතර අද උදේ නිවසේදී ඇති වූ බහින් බස් වීමකින් පසු බිරිඳ දරුවාද වඩාගෙන දිවගොස් සිය ගෙවත්තේ තිබෙන වගා ළිඳට පැන්න බවයි.

තමාද ඇය පසුපස දිව ගිය නමුත් ඇයව අල්ලා ගැනීමට නොහැකි වූ බැවින් තමාද ළිඳට පැන ඔවුන් බේරා ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක වූ නිසා ළි‍ඳේ සිටම කෑ ගසා අසල්වාසීන්ගෙන් ආධාරය ඉල්ලා සිටි බවත් 28හැවිරිද ආර්.බී. විජේකුමාර නමැති ඔහු වැඩිදුරටත් පොලීසියට පවසා තිබේ.

පසුව අසල්වාසීන් පැමිණ වගා ළිඳට පැන මව සහ දරුවා සෙවීමට පටන් ගත්තද ජලයෙන් පිරී තිබෙන ළිඳේ ගැඹුර වැඩි නිසා ඔවුන් සොයා ගැනීම අසීරු වී තිබිණ. අනතුරුව මිහින්තලේ පොලීසියේ නිලධාරීන් පැමිණ අසල්වාසීන්ගේද සහය ඇතිව ළිඳ තුළ තිබූ මවගේ සහ දරුවාගේ සිරුරු ගොඩගෙන රඹෑව රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණය එම රෝහලේදී අද පැවැත්වීමට නියමිතයි.

null
null

pics – නෙත් නිව්ස්

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>