09 Sep 2015
තවත් ඇමතිවරු අද දිවුරුම් දෙයි
නව රජයේ ඉතිරි කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම අද අවස්ථා දෙකකදී සිදුකිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් සමරවික්‍රම ප්‍රකාශ කර තිබේ.
කැබිනට් අමාත්‍යවරුන් සිව් දෙනෙකු අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම්දීමට නියමිතව ඇති අතර නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක්ද දිනයේ දිවුරුම්දීමට නියමිත ය.
අමාත්‍යවරුන් පෙරවරු 11 ට දිවුරුම්දීමට නියමිතව ඇති අතර රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම පස්වරු 2 ට සිදුකෙරේ. සියලූ දිවුරුම්දීම් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.
තවත් කැබිනට් අමාත්‍යවරුන් පස්දෙනෙකු, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 45 දෙනෙකු අද දිවුරුම් දීමට නියමිතව තිබේ.