තවත් කුඩා දැරියක් අතුරුදහන්

null

අඟුරුවාතොට වෙහෙරවත්ත ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 1යි මාස 9ක් වයසැති දැරියක් අතුරුදන් වී ඇති බව පොලිසිය පවසයි.

ඉමේෂා දෙව්මිණී නමැති මෙම දැරිය අද දහවල් සිට මෙලෙස අතුරුදන්ව ඇති බවට දැරියගේ පියා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. අද දින දිවා ආහාරය ගැනීමෙන් පසු දැරිය අතුරුදන්ව ඇති බව එම පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් වේ.

ඒ අනුව දැරිය සෙවීම සඳහා පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇති අතර ඒ සඳහා පොලිස් සුනඛ ග්‍රේරෝගේද සහය ලබාගෙන තිබේ.

ග්‍රේරෝට එම දැරියගේ ඇඳුමක් ඉව කිරීමට සැලැස්වීමෙන් පසු ග්‍රේරෝ මීටර් සීයක් පමණ ගොස් කළු ගඟේ අතු ගංගාවක් ළඟින් හැරී වසා තිබු කඩයක් අසල නතර වු බව පොලීසිය පවසයි. ලෑලි දමා වසා තිබු එම කඩය උදේ වරුවේ විවෘත කර තිබු බව කියති.

දැරිය ගඟට වැටුණාද එසේත් නම් කිසිවකු පැහැරගෙන ගියාද යන්න පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වන අතර එම ප‍්‍රදේශයේ ළිං සහ ඇළ වේලි පරීක්ෂා කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්ද යොදවා ඇති බව වාර්තා වෙයි.

අතුරුදහන් දැරිය

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>