තවත් ඩිෆෙන්ඩර් රථයක් ගාල්ලෙන් මතුවෙයි

null

ගාල්ල නගරයේ හැවලොක් පාර ප්‍රදේශයේ ගරාජයක තිබී ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අයත් ඩිෆෙන්ඩර් රථයක් සොයාගෙන තිබේ.

පොලීසියට ලැබුණු තොරතුරක් මත අදාළ ඩිෆෙන්ඩර් රථය ඊයේ දිනයේදී සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

පසුගිය මැතිවරණ සමයේදී අදාළ ඩිෆෙන්ඩර් රථය අනතුරකට පත්වීමෙන් පසු ගරාජය වෙත ගෙනවිත් දැමු බව ගරාජයේ හිමිකරු පොලීසියට ප‍්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>