තවත් පෘතුවියක් සොයා ගැනේ

null

ඇමරිකාවේ නාසා ආයතනය විසින් පෘතුවියට බොහෝ සමානකම් ඇති තවත් ග්‍රහ ලෝකයක් පවතින බවට තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

විශ්වය පුර පැතිර පවතින මන්දාකිණි වල පෘතුවිය හා සමාන තවත් ග්‍රහලෝක තිබේද යන්න පිළිබඳව නාසා ආයතනය නිරන්තරයෙන් පරීක්ෂණ සිදු කරති. මෙම ග්‍රහලෝකය කෙප්ලර් දුරේක්ෂය මගින් සොයාගැනීමට හැකි වූ බව නාසා ආයතනය පවසයි.

මෙම මෙහෙයුමට සම්බන්ධ විශේෂඥයන් පෙන්වාදෙන්නේ එදාමෙදා තුර අභ්‍යවකාශයේ සොයාගැනුණු පෘථිවියට බොහෝ සමානකම් දක්වන ග්‍රහ වස්තුව මෙය බවයි. එනම්, මෙවැනි ග්‍රහලෝක සිසිලසක් සහිත, ප්‍රමාණයෙන්ද එතරම් විශාල නොවන අතර, එහි මතුපිට ද්‍රව ජලය මෙන්ම ජීවයක් රැඳීමේ හැකියාව ඇති බව විශ්වාස කෙරෙයි.

නාසා ප්‍රධාන විද්‍යාඥ ජෝන් ග්‍රන්ෆෙල්ඩ් මෙම නව ග්‍රහලෝකය Earth 2.0 ලෙස හඳුන්වන අතර, එය පෘථිවියෙන් ආලෝක වර්ෂ 1,400ක් ඔබ්බෙන් පවතින බවද පවසයි.

මෙම නව සොයාගැනීම පෘතුවියෙන් පිටත ජීවින් සොයා යාමේ නාසා පර්යේෂණ වල නව පියවරක් බව සඳහන් වේ.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>