තවත් මගී ගුවන් යානයක් අතුරුදහන්

null

ඉන්දුනීසියාවේ අභ්‍යන්තර ගුවන්ගමනේ නිරත වූ මගී ගුවන් යානයක් අද අතුරුදන්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ට්‍රිගානා එයාර් ගුවන් සමාගමට අයත් ඒ.ටී.ආර්. 42 නැමැති ගුවන් යානය මෙලෙස අතුරුදහන් වී ඇති බව සඳහන්ය.

පුද්ගලයින් 54 දෙනෙකු රැගත් මෙම යානය පැපුවා නිව් ගිනියා ප්‍රදේශය තුළදී අතුරුදහන් වී ඇති බව එරට බලධාරීන් පෙන්වා දෙයි. මෙම ගුවන් යානයේ වැඩිහිටි පුද්ගලයින් 44 දෙනෙකු කුඩා දරුවන් 05 දෙනෙකු සහ තවත් 05 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයනක් හිද ඇත.

ඉන්දුනිීසියානු වේලාවෙන් අද පස්වරු 3 ට පමණ යානය සමඟ සම්බන්ධතා ඇණ හිටි බව වැඩිදුරටත් සඳහන්. ඉන්දුනීසියාවට අයත් පැපුවා කලාපයේ පිහිටි – සෙන්ටානි ගුවන්තොටුපලේ සිට ප්‍රාදේශීය අගනුවර වූ ඔක්සිබිල් වෙතයි ගුවන් යානය ගමන් ගෙන ඇත.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>