තවත් විශාල නිල් මැණිකක් මතුවෙයි

null

ලොව විශාලතම නිල් මැණිකට වඩා විශාලත්වයෙන් යුත් බවට සැලකෙන තවත් නිල් මැණිකක් ඇලහැර ප්‍රදේශයෙන් හමුවී තිබේ.

ඒ බේරුවල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුට වන අතර මෙම නිල් මැණික විශාල ප්‍රමාණයකින් යුක්තය. මෙම නිල් මැණික කැරට් 2476.66 කින් යුක්තයි. එහි බර ග්‍රෑම් 482 ක්.

ඔප දැමූ මෙම මැණික මිල කළ නොහැකි බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති පවසයි. මෙය දැනට ලංකාවෙන් හමු වී ඇති වටිනාම මැණික යැයි ද විශ්වාස කරයි.

මීට පෙර මෙරට පුද්ගලයකු විසින් මිළදී ගෙන තිබු නිල් මැණිකේ බර ග්‍රෑම් 281 ක් ලෙසට සටහන් විය. එම මැණික කැරට් 1404 කින් යුක්තයි.

කෙසේවෙතත් එහි හිමිකරුවා මෙතෙක් අනාවරණ වී නොමැති අතර ඔහු අදාළ නිල් මැණිකේ වටිනාකම ලෙස ප්‍රකාශයට පත්කර ඇත්තේ ඩොලර් මිලියන 300 ක්.

එම නිල් මැණිකට වඩා විශාලත්වයෙන් යුත් ඇලහැර ප්‍රදේශයෙන් හමුවු නිල් මැණික හිමිකරුවා මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන් ද මැණික් ව්‍යාපාරිකයන් බව වාර්තා වෙයි.

null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>