තවීෂ පිරිස් ඝාතකයන්ට ජීවිතාන්තය තෙක් සිර දඬුවම්
පසුගිය වසරේ ඔක්තොම්බර් මස 27 වන දින සිදුවූ මෙම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පුද්ගලයන් දෙදෙනාට බි්රතාන්ය අධිකරණය ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ. මෙම ඝාතනයේ වරදකරුවන් වූ 18 හැවිරිදි කාසිම් අහමඞ්ට සහ ඔහුගේ ඥාති සොහොයුරෙකු වන 26 හැවිරිදි ශම්රාස් ඛාන්ට මෙම මෙලෙස සිර දඬුවම් නියම කර ඇත.
ශ්‍රී ලංකික තරුණයකු වන තවිෂ පිරිස් මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව හැදෑරීම සදහා බ්‍රිතාන්‍යයේ ෂෙෆීල්ඞ් – හාලම් විශ්වවිද්‍යාලයෙ අධ්‍යාපනය ලබමින් සිටි අතර අර්ධ කාලීන රැකියාවක් ලෙස පීසා අවන්හලක රැකියාව කළේය. තවිෂ පීසා භාරදීමට අදාළ ස්ථානයට ගිය අවස්ථාවේ දී සැකකරුවන් 26 හැවිරිදි ෂර්මාස් ඛාන් සහ 18 හැවිරිදි කසීම් අහමඞ් යන දෙදෙනා තවිෂගේ ජංගම දුරකතනය කොල්ලකෑම සඳහා ඔහුව ඝාතනය කර තිබේ. තවීෂගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවූයේ චුදිත ඛාන් නමැත්තා වියරුවෙන් මෙන් තවීෂට පිහිපහර ගණනාවක් එල්ල කොට තිබු බවයි.
එ් අතරතුර බාලවයස්කාර සැකකරු ඔහුගේ ජංගම දුරකතනය සොරාගැනීමේ යෙදුණු බව තහවුරු වී ඇතැයි එරට වාර්තා සඳහන් කළේ ය.
තවීෂ ඝාතනයට ලක්වූයේ පසුදින තොරතුරු තාක්ෂණික උපදේශකවරයකු ලෙස සිය පළමු රාජකාරිය භාරගැනීමට පෙරදින රාත්‍රියේ අවසන් පැය කිහිපයේදීයි. අධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඊයේ (24) කියා සිටියේ ඉදිරියේ දී සමාජයට සේවයක් කිරීමට සිටි පුද්ගලයෙකු ජංගම දුරකතනයක් නිසා ඝාතනය කිරීම කණගාටුවට කරුණක් බවයි.
ශර්මාස් ඛාන් සහ කසීම් අහමඩ්