ත්‍රස්තවාදී කණ්ඩායම් සමරන්න දෙන්නේ නෑ

null

යාපනය සරසවියේ සහ වව්නියාව නගරයේ ස්ථාන කිහිපයක මහවිරු දිනය සැමරීම සදහා එක්වන ලෙස දැනුම් දෙමින් පසුගිය දින කිහිපය තුළ පෝස්ටර් අලවා තිබුණි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කර ඇත්ත ත්‍රස්තවාදී කණ්ඩායම් සිහිකර කිසියම් හෝ උත්සවයක් පැවැත්වීමට කටයුතු කරන්නේ නම් ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

කෙසේ වෙතත්, උතුරු පළාතේ මහවිරු සැමරුම් සිදුකිරීමට කිසිවෙකුගෙන් බාධාවක් නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ උතුර පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් පවසයි. ඔහු කියා සිටියේ සාමකාමී අයුරින් තම විරුවන් සැමරීමට උතුරු පළාතේ මේ වනවිට කටයුතු සූදානම් කර ඇති බවයි.

මේ අතර රක්නා ලංකා සමාගමේ සිදුව ඇතැයි කියන දූෂණ අක්‍රමිකතා ගැන ප්‍රශ්න කිරීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති පරීක්ෂණ කොමිසමට පැමිණ ඉන් පිටවයද්දී මාධ්‍යවේදීන් මේ පිළිබදව විමසා ඇති අතර එහිදී ඔහු සඳහන් කර ඇත්තේ “මගේ කාලයේ ඇලෙව්වේ නෑ. මම දැන් ආරක්ෂක ලේකම් නෙවෙයිනේ, මගේ කාලයේ අලවන්න දුන්නේ නෑ, ඒක නිසා තමයි එන්නේ කොමිෂන් වලට” යනුවෙනි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>