ත්‍රිකුණාමල මුහුදේ මළ සිරුරු පාවෙයි

null

ත්‍රිකුණාමල මුහුදේ මළ සිරුරු කිහිපයක් පාවෙමින් ඇති බවට ලැබුණු තොරතුරු මත නාවික හමුදාව සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ත්‍රිකුණාමලය වරාය පොලීසියට ඊයේ පස්වරුවේ ධීවරයින් පිරිසක් දැනුම්දී ඇත්තේ බෝට්ටුවක් තුළ මළ සිරුරු කිහිපයක් දක්නට ලැබුණු බවයි.

ඒ අනුව ඊයේ (06) පස්වරුවේ සිට අද අලූයම එක දක්වා එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළද එවැනි බෝට්ටුවක් හෝ මළ සිරුරු සොයාගැනීමට නොහැකිවූ බව පොලිසිය පවසයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් අක්‍රම් අලෙවි මහතා පැවසුවේ ත්‍රීකුණාමල වරාය පොලීසිය විසින් කළ දැනුම්දීමකට අනූව එම ප්‍රදේශයට නාවික යාත්‍රා 2ක් පිටත්ව ගිය බවයි.

ඉකුත් දින දෙක තුළද නිලාවේලි සහ තලෙයිමන්නාරම වෙරළ තීරයේ තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයාගත් අතර පසුව සිදුකරන ලද පොලිස් පරික්ෂණවලින් අනාවරණ වූයේ මියගිය පුද්ගලයන් ඉන්දීය ජාතිකයින් බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>