ත්‍රිකුණාමළයේ ගෝඨා නමින් රහසිගත කඳවුරක්

null

ත්‍රිකුණාමළයේ නාවික හමුදා කඳවුරේ ගෝඨා නමින් වූ රහසිගත කඳවුරක දෙමළ වැසියන් 700ක් සහ දෙමළ පවුල් 35 ක් වෙන වෙනම රඳවා සිටි බවට පැවසෙන තොරතරු ඇති බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

ඉතා විශ්වාසදායක පුද්ගලයින්ගෙන් ලැබුණු තොරතුරක් මත පෙබරවාරි19 දා පාර්ලිමේන්තුවට තොරතුරු ඉදිරිපත් කළේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කර ගැනීමේ අරමුණින් යැයි දෙමළ ජාතික සන්ධානයේ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා බිබිසි වෙත සඳහන් කර තිබේ.

මෙසේ රහසි ගත කඳවුරේ රඳවා සිටි පුද්ගලයන් වෙන වෙනම රඳවා සිටි අතර ඔවුන්ට එකිනෙකා සමග කිසිදු සම්බන්ධතාවක් පැවැත්වීමට කඳවුර බාර නිලධාරීන් ඉඩ නොතැබූ බවත්, එම පිරිසට නාවික හමුදා ට්‍රක් රථ මගින් ආහාර පාන සැපයූ අන්දම තොරතුරු සැපයූ පුද්ගලයන් විසින් විස්තර කල බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබේ.

තොරතුරු ඉදිරිපත් කල පුද්ගලයන් පිළිබඳව සහ ඔවුන් කළ සම්පූර්ණ විස්තර මොනවාදැයි කළ විමසීමකදී ඔහු කියා ඇත්තේ තමන් සතුව ඇති සියලු තොරතුරු ජන මාධ්‍යයට හෙලි කල නොහැකි බවයි.

ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ මේ අන්දමට පවත්වා ගෙන ගිය තවත් කඳවුරු ඇති බවට දෙමළ වැසියන් තුළ විශාල සැකයක් පවතින බවත්, මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් හිමිපාණන් පැවසූ පරිදි යුද සමයේ දී අතුරුදහන් වූ බවට සැක කෙරෙන 140000 ගේ කථාව සත්‍ය යැයි පිළිගැනීමට මෙවැනි රහසිගත රැඳවුම් කඳවුරු සාධකයක් වන බවත් ය.

බිබිසි සංදේශය ඇසුරිනි

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>