ත්‍රීවීල් වල යන්නේ බලාගෙනයි

null

ඊයේ (10) රාත්‍රියේ මහනුවර ප්‍රදේශයේදී ත‍්‍රිරෝද රථයක නැග කුලී ගමනක් යමින් සිටි පුද්ගලයෙකුගේ නාසයට විස රසායනිකයක් සහිත ලේන්සුවක් අල්ලා සිහි නැතිකොට මුදල් කොල්ලකෑමේ සිද්ධියක් වාර්තා වේ.

එම පුද්ගලයා ඊයේ රාත්‍රියේ මහනුවර මධ්‍යම වෙළඳපොල අසලින් අදාල ත‍්‍රිරෝද රථයට නැග ඇති අතර ලේවැල්ල දෙසට ගමන් කරමින් සිටියදී රියදුරු අදාළ පැහැරගැනීම සිදුකර ඇති බව හිරු නිව්ස් වාර්තා කරයි.

එම පුද්ගලයාට සිහි නැති වීමෙන් පසු ඔහුගේ මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකා හන්තාන කන්ද ආශ‍්‍රිත ලදු කැලෑවක දමා ගොස් ඇති බව පොලීසිය සඳහන් කර තිබේ.

අදාල පුද්ගලයා පොලිසියට ප්‍රකාශයක් ලබාදෙමින් සඳහන් කර ඇත්තේ ලක්ෂ දෙකහමාරකට ආසන්න මුදල් ප‍්‍රමාණයක් සහ රන් භාණ්ඩ කොල්ලකා ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Comments

comments

Comments

  1. By Gellan

    Reply

Leave a Reply to Gellan Cancel reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>