තාජුඩින් ඝාතනයට ගත්තු වාහනය ශිරන්තිගේ

null

රගර් ක්‍රීඩක වසීම් තාජුඩින් ඝාතනයට යොදාගත් වාහනය හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ වාහනයක් බවට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඉදිරි මහ මැතිවරණයට පෙර යහපාලනයක් සදහා වූ එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අවසන් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කර තිබේ.

ඊට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග, කරු ජයසුරිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

“දැන් මේ තාජුඩින් ඝාතනයට අත්අඩංගුවට ගත්තේ ජනාධිපති ආරක්ෂක අංශයේ අය. මේ තුන්දෙනාට මොකද්ද තාජුඩින් මරන්න තියෙන උවමනාව. එතකොට මේකට ගත්ත වාහනය කාගේද? ඒ වහනය හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ වාහනය. දැන් එක්නැළිගොඩ ඝාතනයට කාවද අත්අඩංගුවට අරගෙන තියෙන්නේ හමුදා භටයෙක් සහ පුනුරුත්ථාපනය කළ කොටි නායකයෙක්. එතකොට එක්නැළිගොඩ ඝාතනය කරන්නේ හමුදාවයි LTTE එකයි දෙකම එක්වෙලා. මේ තමයි මෙයාගේ ඩිල් එක. ඒ අවශ්‍ය තැනදී LTTE එකත් පාවිච්චි කරනවා. දැන් මේවා එළිදරව් කරනකොට අපිට මරණ තර්ජන තියෙනවා.”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>