තාජුඩීන්ගේ ජංගම දුරකථනය නුවරඑළියෙන් හමුවේ

null

අභිරහස් ලෙස මිය ගිය රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ජංගම දුරකථනය නුවරඑළිය – ආගරපතන ප්‍රදේශයේ පුද්ගලයෙකු සන්තකයේ තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සොයාගෙන තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි.

2012 වසරේ තාජුඞීන්ගේ මරණයට සම්බන්ධ රිය අනතුර සිදුවූ නාරාහේන්පිට – ශාලිකා ක්‍රීඩාංගණය ඉදිරිපිට මාර්ගයේ තිබී ඒ ආසන්නයේ වෙළදසැලක සේවකයෙකු මෙම දුරකථනය අසුලාගෙන ඇති අතර පසුව ඔහුගේ පුත‍්‍රයාට ලබාදී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කරයි.

ජංගම දුරකථනය ලබාගත් පුද්ගලයා ආගරපතන ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

තාජුඩීන්ගේ ජංගම දුරකථනයේ කේත අංකය මාර්ගයෙන් එය හඳුනා ගැනීමට හැකිව තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩි දුරටත් සදහන් කර තිබේ.

මීට සති තුනකට පෙර අදාළ ජංගම දුරකථනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සොයා ගෙන ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>