තාජුඩීන්ගේ සිරුරේ කොටස් පහක් අතුරුදහන්

null

රගර් ක්‍රීඩක මොහොමඩ් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් පැවැත් වූ පළමු පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ලබාගත් කොටස් ආරක්ෂිතව අධිශිතකර‍ණයේ තිබිය දී ඉන් කොටස් 05ක් අස්ථානගතව ඇති බව අධිකරණ ආරංචි මාර්ග පවසයි.

ඒ සම්බන්ධව ලේඛනවලද කිසිදු සටහනක් නැති බව රහස් පොලිසිය ඊයේ (22) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත දැනුම් දී තිබේ.

නෙත් නිව්ස් වාර්තා කරන පරිදි රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තාකර තිබුණේ පළමු පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍ය රාජගුරු මහතා මෙම ශරීර කොටස් නිරීක්ෂණ සටහන් යොදා එම කොටස් ආරක්ෂිතව අධිශීතකරණයේ තබන ලෙස විශ්‍රාමික හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර මහතාට දැනුම් දී තිබූ බවයි.

මෙම ශරීර කොටස් හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් ආපසු බාර නොදුන් බවත් එම කොටස් 5 අධිශිතකරණයේ හෝ ශීතකරණයේ ඇති බවට කිසිදු සටහනක් නැති බවත් අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකොන් මහතා ලිපියකින් රහස් පොලිසිය දැනුවත් කර තිබේ.

අදාළ කරුණ සළකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා තාජුඩීන්ගේ පළමු පශ්චාත් මරණ පරීක්ෂණය එක්ස්රේ ඡායාරූප සහ සිරුරේ අවයව කොටස් 05 වහාම අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන් මහතාට ලබාදෙන ලෙස හිටපු විශ්‍රාමික වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර මහතාට නියෝග කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>