තාජුඩීන් අනතුරින් මියගිය ස්ථානය පරික්ෂාවට

null

සැකකටයුතු ලෙස මියගිය රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් අනතුරට ලක්වු ස්ථානය සහ ඔහු ගමන්ගත් මෝටර් රථය ඊයේ (25) විශේෂ පරීක්ෂාවකට ලක් කර තිබේ.

රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් හා අදාළ මෝටර් රථය නිෂ්පාදන කළ සමාගමේ ඉංජිනේරුවෙක් නාරාහෙන්පිට පොලීසියට මෙන්ම එම ස්ථානයට ගොස් මෙලෙස පරීක්ෂණ ආරම්භ කර ඇත.

වසීම් තාජුඞීන් පසුගිය 2012 වසරේ මැයි මස 17 වන දින නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනය අසලදී ඔහු ගමන්ගත් මෝටර් රථය තුළ පිළිස්සී මියගොස් සිටියදී සොයා ගත්තේය.

පසුව ඔහු මිය ගියේ අනතුරකින් නොවන බව රහස් පොලිසිය අධිකරණයට වාර්තා කර තිබුණි.

ඒ අනුව පසුගිය අගෝස්තු මුල් සතියේ තාජුඩීන්ගේ සිරුර ගොඩට ගෙන අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කළ අතර කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ සිදුකෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>