තාජුඩීන් ඝාතනයට අදාළ CCTV දර්ශන මකා දමලා

null

ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් මහතාට කෲර වධ හිංසා පමුණුවා අභිරහස්‌ අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සීසීටීවී වීඩියෝ පට මකා දමා ඇති බව පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.

ඒ අනුව සිද්ධියට අදාළ වීඩියෝ පට කීපයක්‌ පරීක්‍ෂා කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලය වෙත භාරදී ඇති බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.

එසේ මකා දමන ලද සීසීටීවී වීඩියෝ දර්ශන නැවත ලබා ගැනීමට පොලිසිය මොරටු විශ්වවිද්‍යාලයේ සහාය ලබා ගනිමින් සිටී.

කොළඹ නගරයේ ප්‍රසිද්ධ ස්‌ථානවල සවිකර ඇති සීසීටීවී කැමරා දර්ශන වසර තුනක කාලයක්‌ තබාගෙන නොසිටින අතර ඒවා කෙටි කාලසීමාවක්‌ තුළදී මකා දමන බවද පොලිස්‌ මූලස්‌ථානය කියා සිටියි.

පොලිසිය මේ වන විට උත්සාහ කරමින් සිටින්නේ මෙම ඝාතනයට අදාළව රූපගතවී ඇති බවට සැකකරන සීසීටීවී දර්ශන නැවත ලබා ගැනීමටයි.

මෙම ඝාතනය සිදුවීමෙන් වසර 3 කට පසු නව රජය බලයට පත්වී 2015 වර්ෂයේ මාර්තු මාසයේදී මෙම පරීක්‍ෂණ කටයුතු නැවත ආරම්භ කරනු ලැබීය.

මෙම ඝාතනය සිදුවීමෙන් පසු එවකට පොලිසිය කිසිම ආකාරයක නිවැරදි පරීක්‍ෂණයක්‌ සිදු නොකිරීම නිසා මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීමේදී ගැටලු රැසකට මුහුණ දීමට සිදුවී ඇතැයි පොලිසිය පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>