තාජුඩීන් ඝාතනයට සම්බන්ධ ප්‍රබල පුතා ළඟදීම අත්අඩංගුවට

null

ප්‍රසිද්ධ රගර් ක්‍රීඩකයකු වූ වසීම් තාජුඩීන් අබිරහස්‌ අන්දමින් ඝාතනය කිරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් මේ වනවිට හඳුනාගෙන තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව තාජුඩීන් මහතා පැහැරගෙන ගොස්‌ පහරදී ඝාතනය කර මෝටර් රථය තුළට දමා ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ප්‍රබලම දේශපාලනඥයකුගේ පුත්‍රයකු ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව දිවයින පුවත්පත වාර්තා කරයි.

තාජුඩීන් මහතා ගමන් ගත් මෝටර් රථය කිරුළපන ප්‍රදේශයේදී ගිනිගෙන විනාශ වූ අතර එහිදී ඔහු රථය තුළම මියගොස්‌ සිටියේය. තාජුඩීන් මහතාගේ මරණය හදිසි අනතුරක්‌ නිසා සිදුවූ බව පොලිසිය එවකට කළ පරීක්‍ෂණවලින් හෙළි කර ගෙන තිබුණේය.

එහෙත් වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු පොලිසිය කළ විමර්ශනවලින් හෙළි වූයේ තාජුඩීන් මහතා ඝාතනය කර පසුව ඔහු ගමන් ගත් මෝටර් රථයට සිරුර දමා ගිනි තබා ඇති බවයි.

මෙම දේශපාලක පුත්‍රයාගේ අවශ්‍යතාව මත තාජුඩීන් ඝාතනය කර ඇති බවට වැදගත් තොරතුරු රැසක්‌ මේ වනවිට අනාවරණය වී ඇති අතර මෙම ඝාතනය සිදුකර ඇත්තේ හිටපු ප්‍රබල දේශපාලනඥයකුගේ රියෑදුරකු ඇතුළු කණ්‌ඩායමක්‌ විසින් බවද හෙළි වී ඇත.

තාජුඩීන් ඝාතනයට අදාළ සාක්‍ෂි සියල්ල මේ වනවිට ලබාගනිමින් සිටින බවද පොලිස්‌ ආරංචි මාර්ග පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>