තාජුඩීන් ඝාතනයේ CCTV දර්ශනවල ප්‍රභූ පවුලක පුද්ගලයන්

null

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනයේ CCTV දර්ශන පෙළක් රහස් පොලිසිය භාරයට ගෙන ඇත. එම දර්ශන ඉදිරියේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

වසීම් තාජුඩීන් ඝාතනයට ලක්වීමට පෙර තම ගමන ආරම්භ කළ තැන සිට අමානුෂික අයුරින් ඝාතනය කෙරුණු අවස්ථාව දක්වා වන වැදගත් සාක්කි ඇතුළත් ස්ථාන කිහිපයකින් ලබාගත් සීසීටීවී දර්ශන මෙයට ඇතුලත් බව පැවසේ.

එම CCTV දර්ශනවල ප්‍රභූ පුද්ගලයන් ද සිටින බව තමන්ට තොරතුරු වාර්තා වී ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කර තිබේ.

වසීම් තාජුඩීන්ගේ මරණය හදිසි අනතුරකින් සිදුවූවක් බවට මීට පෙර කරුණු වාර්තා වුණත් පසුගිය බ්‍රහස්පතින්දා අධිකරණයේදී අනාවරණ වුණේ එය හදිසි අනතුරකින් සිදුවූ මරණයක් නොව මිනී මැරුමක් බවයි.

පසුගිය දා අධිකරණයට ඉදිරිපත් වූ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය සිදුකළ පරීක්ෂණයේ අවසන් වාර්තාවට අනුව හෙලිවී ඇත්තේ තාජුඩීන්ට පහර දී දුර්වල කොට මගී අසුනේ තබා අනතුර සිදුවීමට ඉඩ සලස්වා ඇති බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>