තාජුඩීන් ඝාතනයේ CCTV දර්ශන විදෙස් පරීක්ෂණාගාරයකට

null

රගර් කී‍්‍රඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනයට අදාළ බව කියන සී.සී.ටී.වී දර්ශන වැඩිදුර පරීක්‍ෂණ සදහා විදෙස් රටකට යැවීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණය ඊයේ (07) අවසර ලබාදී තිබේ.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඩිලාන් රත්නායක මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත්තේ මෙම වීඩියෝ දර්ශන පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශය විසින්ද පරීක්ෂණ පවත්වා වැඩිදුර පරීක්ෂණ සඳහා විශේෂඥ දැනුමකින් යුතු විදෙස් පරීක්ෂණාගාරයක් වෙත යොමු කිරීම වඩා සුදුසු බව දන්වා ඇති බවයි.

ඒ අනුව වැඩිදුර පරීක්ෂණ සඳහා එම වීඩියෝ දර්ශන අමෙරිකාව, කැනඩාව හෝ එංගලන්තයේ විශේෂඥ දැනුමක් සහිත පරීක්ෂණාගාරයකට යොමු කිරීමට රජය තීරණය කර ඇති බවත්, ඉදිරියේදී ඒ පිළිබඳ කටයුතු කළ යුතු බවත් නීතිඥවරයා සඳහන් කර තිබේ.

එම සී.ටී.ටී.වී දර්ශන භාර දෙන්නේ කුමන ආයතනයකට දැයි සතියක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් නියෝගයක් කිරීම සෙසු වාර්තා ලැබීමෙන් පසුව සිදු කෙරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>