තාජුඩීන් නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් ඇති වූ විවාදාත්මක තත්ත්වයක් හේතුවෙන් අද පස්වරුවේ පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 10කට කල් තබා තිබේ.
මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා තාජුඩීන් සම්බන්ධයෙන් අදහස් පළ කිරීමත් සමග විපක්ෂ මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා විසින් එය අධිකරණයේ යන නඩු කටයුත්තක් බැවින් ඊට විරෝධය පළ කිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය වර්ධනය විය.
මේ අතර ඇති වූ උණුසුම් වාතාවරණයෙන් පසුව යළි පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කළද නැවතත් ඇති වූ උණුසුම් තත්ත්වය හමුවේ දෙවන වතාවටත් පාර්ලිමේන්තුව ටික වේලාවකට කල්තැබීමට මූලාසනය විසින් පියවර ගෙන ඇත.
පසුව පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ නැගී සිටි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකළ යුතු බවයි. මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුව තුළදී අදහස් දක්වමින් සිටියදී මෙවැනි තර්ජනය කිරීමක් සිදුවූ ප්‍රථම අවස්ථාව මෙය බවද අමාත්‍යවරයා කියා සිටියා.
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ වසීම් තාජුඞීන්ගේ මරණය සම්බන්ධයෙන් නඩුවක් විභාග වන බැවින් මුජර් රහුමාන් මහතා සිදුකළ ප්‍රකාශ හැන්සාඞ් වාර්තාවෙන් ඉවත් කළ යුතු බවයි.
කෙසේ වෙතත් එම අවස්ථාවේදී ද පාර්ලිමේන්තුව තුළ යළි නොසන්සුන්තාවයක් ඇති වී තිබේ. තත්ත්වය පාලනය කරගැනීමට කථානායකවරයා අවස්ථා කිහිපයකදී උත්සහ කර ඇති අතර අවසානයේදී සභාව යළිත් කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කර තිබේ.