තාත්තා 8 හැවිරිදි පුතා මරා දිවි නසා ගනී

null

තම අටහැවිරිදි පුතුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර සියදිවි නසාගත් පියෙකු පිළිබඳ පුවතක් මඩකලපුව – වව්නතිව් ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

පියාගේ පිහි පහරින් මියගොස් ඇත්තේ 8 හැවිරිදි තමෝදරම් විනෝද් නැමති පිරිමි දරුවෙකු වන අතර ඔහු කතා කිරීමට නොහැකි අයෙකු බව පැවසේ.

ගෙළ වැළලාගෙන මියගිය පියාගේ වයස අවුරුදු 29 ක්.

මේ අතර සිද්ධිය දැකීමෙන් බියට පත්වුණු දරුවාගේ මව ද සියදිවි නසා ගැනීම සඳහා ළිඳකට පැන තිබුණේ වයස අවුරුදු දෙකහමාරක අනෙක් පිරිමි දරුවාද සමඟයි. ප‍්‍රදේශවාසීන් එක්ව ඔවුන් දෙදෙනාගේ දිවි බේරාගෙන තුවාල ලැබූ ඔවුන් දෙදෙනා මඩකලපුව රෝහලට ඇතුලත් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>